කුරුණෑගල - පොල්පිතිගම ප‍්‍රදේශයේදී දරුවෙකු සහ මවක පැහැර ගැනීමේ සිද්ධියක් අද වාර්තා වුණා. පසුව අනාවරණ වුණේ මෙම මව තම නිවසේ රදවාගෙන ජීවත් වීමේ අරමුණින් සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි. ඒ පිළිබදව ඔහු පාපොච්චාරණයක් ද සිදුකළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියා.
අද (21) පෙරවරුවේ පොල්පිතිගම මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක් 30 හැවිරිදි මෙම මව සහ වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවා පැහැරගෙන ගියා. කෙසේ වෙතත් මෝටර් රථය පසුපස ප‍්‍රදේශවාසීන් හඹාගොස් ඇති අතර එහි වේගය අඩුවූ අවස්ථාවක ඉද්දගස්පිටිය - ගලේවැව ප‍්‍රදේශයේදී මව දරුවා සමග ඉන් පිටතට පැන ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.
පසුව සැකකරුවන් මෝටර් රථය ද ගෙන පළා ගිය අතර එය ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් බවද පසුව අනාවරණය වුණා. මව සහ දරුවා කම්පන තත්ත්වයෙන් පසුවන නිසා පොල්පිතිගම රෝහලට ඇතුළත් කළ බවයි පොල්පිතිගම පොලීසිය ප‍්‍රකාශ කළේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ පොලිස් ස්ථාන කිහිපයක් එක්ව පරීක්ෂණ කි‍්‍රයාත්මක කළ අතර මෝටර් රථය සහ සැකකරුවන් දෙදෙනෙකු අද පස්වරුවේ උහුමීය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. අනතුරුවයි මෙම සිද්ධිය පිළිබද කරුණු අනාවරණ වුණේ.
මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
No comments:
Post a Comment