ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

බස් රථවල ආසන වෙන්කරගන්න නවතම ක්‍රමයක්....

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මගී බස් රථ සඳහා ජංගම දුරකථන මගින් ආසනවෙන් කිරිමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. 

මෙම මස 21 වැනිදා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව එම කොමිසන් සභාව සඳහන් කළේය. 

ඒ අනුව මහරගම සිට ගාල්ල දක්වා පොදු මගී ප්‍රවාහන බස් රථ වල මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට නියමිතය. 

මගියා විසින් සිය ගමන යෑමට අපේක්ෂිත දිනයට පෙර සති දෙකක කාලයක සිට බසය ගමන් ආරම්භ කිරිමට පැයකට පෙර දක්වා කාලය තුළ අංක 365 ඇමතීමෙන් තම ආසන වෙන් කරගැනීමට හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය. 

බස් රථ සේවාව සඳහා නවීන තාක්ෂණය එක් කරගනිමින් මගී ජනතාවට වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතා සඳහන් කළේය.


No comments:

Post a Comment