ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

කුඩු ලාලිතගේ දැනට සොයා ගත් වත්කම් ලක්ෂ 685ක්


පසුගිය දා අතුරුගිරියේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වෙඩි පහරින් මිය ගිය ලාලිත කෞශල්‍ය හෙවත් කුඩු ලාලිත්‍යගේ වත්කම් සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවේදී කරුණු හෙළිකළා. මත්ද්‍රව්‍ය ජාවාරමේ තුන්වන පෙළේ ඒජන්තවරයෙකු ලෙස සැලකෙන කුඩු ලාලිත්‍ය සතු රුපියල් ලක්ෂ 685 ක් පමණ වටිනා වත්කම් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ලක්ෂ 525 ක් වටිනා නිවාස 03 ක්, ලක්ෂ 90 ක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ 02 ක්, ලක්ෂ 40 ක් වටිනා මෝටර් රථයක් සහ ලක්ෂ 30 ක් වටිනා ඉඩමක් ඒ අතර තිබෙන බව සඳහන්. 

මේවා මත්ද්‍රව්‍ය ජාවාරම් මඟින් උපයාගත් වත්කම් බවට හෙළි වුවහොත් රාජසන්තක කිරීමට පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා. ඔහු සතු බැංකු ගිණුම් සහ වෙනත් වත්කම් තිබේදැයි තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.


No comments:

Post a Comment