ති‍්‍රත්ව, හිටපු විදුහල්පති කොටින්ට මුදල් දුන් බව කියන සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවේ ....
මහනුවර ති‍්‍රත්ව විදුහලට අයත් රුපියල් මිලියන 202ක් කොටි සංවිධානයට ලබාදුන් බව කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරු රැසක් හෙළි වී ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව තවදුරටත් පරීක්ෂණ සිදුකර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ.
මෙම සිද්ධිය පිළිබදව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නිශාන්ත පි‍්‍රයලාල් අල්විස් කළ පැමිණිල්ලකට අනුව ඉදිරිපත් කළ විගණන වාර්තාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් ශ‍්‍රීනිත් විජේසේකර රහස් පොලීසියට ඊයේ (18) නියෝග කළා.
ඉදිරිපත් වූ පැමිණිල්ලට අනුව පිළිගත් පෞද්ගලික විගණන ආයතනයක් මගින් විද්‍යාලයීය ගිණුම් පිළිබද සිදුකළ විගණන වාර්තාව ඊයේ දිනයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පති රොට් ගිල්බට්ගේ පාලන සමයේදී රුපියල් මිලියන 202ක් කොටි සංවිධානයට ලබාදී ඇති බවටයි ආදි ශිෂ්‍ය නිශාන්ත පි‍්‍රයලාල් අල්විස් පැමිණිලි කර ඇත්තේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට තහවුරු වීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත මෙම හිටපු විදුහල්පතිවරයා රටින් පිටුවහල් කර තිබෙන බවත් පැමිණිලිකරු ප‍්‍රකාශ කර තිබුණා. මෙම විදුහල්පතිවරයාගේ කාලසීමාව තුළ විදුහලේ ගුරුවරයෙකු සහ සිසුන් 11 දෙනෙකු කොටි සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බවයි

No comments:
Post a Comment