ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

පියා දියණිය අඹුකමට අරගෙන......


පහළොස් හැවිරිදි වැඩිමහල් දියණිය සිය කාමුක අවශ්‍යතාවයන් සපුරාගැනීමට බලහත්කාරයෙන් පොළඹවාගෙන ඇය ගැබිණියක් කල පාපතර පියෙකු වව්නියාව නොවිසිදුණු අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

මෙම දැරිය වයස අවුරුදු 15යි මාස 04ක බාල වයස්කාර සිසුවියක් වන අතර ඇය පාසල් යමින් සිටියදී ක්‍රම ක්‍රමයෙන් උදරය වර්ධනය වීම නිසා විදුහලේ ගුරුවරුන් විසින් ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවිකාවකට දන්වා ඇති අතර ඇය දැරිය පරික්ෂාවට ලක්කිරීමේදී ගැබ්ගෙන සිටින බව අනාවරණය කරගෙන තිබේ. වින්දිත දැරිය පසුගිය මාස කිහිපය තූළම පියා අතින් දූෂණයට ලක්වී මේ වන විට දරුවා ප්‍රසූත කිරීමට සූදානමින් සිටින බවද පොලීසිය සඳහන් කරයි.   

වහාම ක්‍රීයාත්මක වූ පවුල් සෞඛ්‍ය සේවිකාව මේ සම්බන්ධයෙන් වව්නියාව ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙකුට දන්වා ඇති අතර පසුව නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකය පරික්ෂණ ආරම්භ කර තිබේ. දියණිය දූෂණයට ලක්කල බවට  පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව දැනගත් සැකකාර පියා ජූනි මස සිට ප්‍රදේශය අතහැර පලාගොස් සිටියදී පොලිස් නිළධාරින් සිදුකල විමර්ශන වලින් ඔහු කිලිනොච්චිය පොන්නගර් ප්‍රදේශයේ සැඟව සිටිද්දී අත්අඩංගුවට ගෙන තිබේ.

දැරියගෙන් පොලීසිය සිදුකල ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත්තේ මව වසර කිහිපයක් විදේශගතව සිටින බවත් තමන්ට බාල සහෝදර සහෝදරියන් තිදෙනෙකු සිටින බවයි. තමන් පියා සමග ඇසුරක් නොපැවැත්වුව හොත් වයස අවුරුදු 04ක් පමණ වන සිය සහෝදරයාට අමානුෂික අන්දමින් පහර දෙන බවත් මල්ලි පහරකෑමට ලක්වන අයුරු බලා සිටිය නොහැකි නිසා පියා සමග දැඩි අකමැත්තෙන් ඇසුරක් පැවැත්වූ බව ඇය පොලීසියට පාපොච්චාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර 40 හැවරිදි සිව්දරු පියා වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුනේ මරවන්කුලම් කල්මඩු, වව්නියාව ලිපිනයේ පදිංචි කාලිමුත්තු ශිවකුමාර් යන අයයි.

දැනට දරු ප්‍රසූතියට සූදානම් වෙමින් සිටින දැරිය පරිවාස ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.වව්නියාව මන්නාරම ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පති යූ.කේ. දිසානානයක මහතාගේ උපදෙස්  මත පොලිස් අධිකාරී වසන්ත වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණයෙන් නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රාජපක්ෂ පොලිස් සැරයන් 19581 සරංගු හේවා, කොස්තාපල්වරුන් වන 37292 ඩග්ලස්, 48028 නලීන්, 32794 මල්ලව, 47182 සුනිල්, 62549 පෙරේරා යන නිළධාරින් වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

No comments:

Post a Comment