ඝාතනයට ලක්වු පුද්ගලයෙකුගේ මළ සිරුරක් කොල්ලුපිටිය ප්රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම මළසිරුර සොයාගත් බව කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළේය.
තියුණු ආයුධයකින් පහරදී අදාළ පුද්ගලයා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයෙකි.
මළ සිරුර ජාතික රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර කොල්ලුපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
No comments:
Post a Comment