ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

ෆේස්බුක් හරහා පාසල් සිසුවියන් අපයෝජනය කළ තරුණයෙකු අත්අඩංගුවට


ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය හරහා පාසල් සිසුවියන් අපයෝජනයට ලක්කළ 22 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පානදුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපනය ලබන ශී‍්‍ර ලාංකික තරුණියක් නිවාඩුව සඳහා දිවයිනට පැමිණි අවස්ථාවේදී සැකකරු ඇයගේ නිරුවත් ඡායාරූප තමා සතු බව පවසමින් තරුණියගේ ෆේස්බුක් ගිණුමට පණිවුඩයක් එවා තිබෙනවා. ඒවා අන්තර්ජාලයට මුදා නොහැරීම සඳහා තමා හමුවන ලෙසයි ඔහු දන්වා ඇත්තේ. තවත් ශිෂ්‍යාවකටද මෙවැනිම පණිවුඩයක් ඔහුගෙන් ලැබී ඇති අතර, ඔවුන් දෙදෙනාම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව උපක‍්‍රමයක් මගින් සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

සැකකරු පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ වයස අවුරුදු 17 දී තම පියා රුපියල් 50000 ක් වටිනා ජංගම දුරකථනයක් මිලදී ගෙන දුන් බවයි. පසුව පියා ඉඩමක් විකුණා ඉන් ලබාගත් මුදලින් කොටසක් වියදම් කර ලැප්ටොප් පරිගණකයක්ද සැකකරුට ලබාදී තිබෙනවා. 

සැකකරු ෆේස්බුක් හරහා පාසල් සිසුවියන් සමග මිතුරුවී ඇත්තේ එම පරිගණකය හා ජංගම දුරකථනය භාවිතයෙන්. පසුව ඔවුන්ව ලැගුම්හල්වලට රැගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති අතර සැකකරුගේ පෙන් ඩ‍්‍රයිව් හෙවත් දත්ත රඳවනයක් පරික්ෂා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එලෙස කොළඹ ප‍්‍රධාන බාලිකා විද්‍යාලවල සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කරන දර්ශනද හමුවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියා.

No comments:

Post a Comment