ලස්සන ලංකා
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

අනියම් පෙමක් අවසන් කළ ජීවිත කතාවක්...........ටී.බී. ගේ ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු කමිටුව දැන් කියන කතාව.....රත්නපුර පොලිස් සැරයන් යළි සේවයට....පිහි ඇනුමකින් පුතකු මරුට.......වෛද්‍යවරයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි..

හැවිරිදි මවකගේ ගිනි ගත් මළ සිරුරක්. ..


ගිනි තබා ගෙන මියගිය බවට සැක කෙරෙන 64 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් ඇගේ නිවසට පිටුපසින් පිහිටි ළඳු කැලෑ ප්‍රදේශයක තිබී අද (21) උදෑසන සොයා ගත් බව එප්පාවල පොලීසිය පවසයි. 

මීට දින තුනකට පමණ ඉහතදී නිවසින් අතුරුදන් වූ බව කියන අංක 33 කටියාව යාය 11 එප්පාවල ලිපිනයේ පදිංචිවි සිටි 64 ලැබ තිබේ.  

ගිනි තබාගත් බවට සැකකෙරෙන කාන්තාවගේ සැමියාත් වැඩිමහල් පුත්‍රයාත් විවිධ අවස්ථා වලදී බහින් බස්වීම් සිදුකරගෙන ගුටි බැට හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් මියගිය කාන්තාව දැඩි සිත් තැවුලට පත්ව සිටි අයෙකු බවත් පුත්‍රයා හා සැමියා නිවසේ රණ්ඩු සරුවල් ඇතිකරගත් විට ඇය නිවස හැර දමා යෑමට පුරුදු වී සිට ඇති බවත් පොලීසිය සඳහන් කරයි. පසුගිය 18වැනිදාත් සැමියා සහ පුත්‍රයා රණ්ඩුසරුවල් ඇති කර ගත් අවස්ථාවේ ඇය නිවසින් නික්ම ගොස් ඇති බවත් පුත්‍රයාට පහර දීම හේතුවෙන් අතකට තුවාල සිදුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන සැමියා බැලීමටද ඇය 19 වනදා උදෑසන රෝහලට ගොස් ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. 
අනතුරුව සිත් තැවුලෙන් සිටි කාන්තාව සිරුරට භූමිතෙල් හෝ වෙනත් ඉන්ධනයක් දමාගෙන ගිනි තබා ගන්නට ඇති බවට පොලීසිය සැක පහළ කරයි. ගිනි තබා ගැනීමෙන් ඇගේ සිරුරට බරපතල පිළිස්සුම් තුවාල සිදු වී ඇති බවත් සිරුර හදුනාගත නොහැකි තත්වයට නරක්ව ඇති බවත් පොලීසිය සඳහන් කරයි. 

ඇය විසින්ම සිරුරට ගිනි තබා ගනු ලැබ තිබේද නැත්නම් කිසියම් පුද්ගලයකු ඇයව ඝාතනය කර පුළුස්සා දැමුවේද යන්න සම්බන්ධයෙන්ද අනාවරණය කර ගැනීමට පොලීසිය පරීක්ෂණ සිදුකරයි. මිය ගිය තිදරු මවගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යැවීමට පියවර ගෙන තිබුණි.




No comments:

Post a Comment