පාසල් සිසුන් ගණිකා නිවාස වෙත යොමු වීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බව පොලීසිය ප‍්‍රකාශ කරනවා. කොල්ලූපිටියේ සුපිරි ගණිකා නිවාසයක් පසුගිය දා වැටලූ අවස්ථාවේදී එහි සිටි ජාත්‍යන්තර පාසලක සිසුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ අද (19) පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණ කළා.
මේ අතර, කොළඹ ඩාර්ලි පාරේ පාසලක් ආසන්නයේ සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පානදුර - වලාන දූෂණ මර්දන ඒකකය සමත් වුණා. පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත ඊයේ (18) වැටලූ මෙම ගණිකා නිවාසය වෛද්‍යවරයෙකුට අයත් එකක් බවයි පොලීසිය පවසන්නේ. කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඉන් එක් අයෙකු මීට පෙර මහරගම ප‍්‍රදේශයේ ගණිකා නිවාසයකදී අත්අඩංගුවට පත්වූ අයෙක්.
No comments:
Post a Comment