අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු නාරම්මල හෙට්ටිපොළ ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
නාරම්මල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසින් විවිධ පුද්ගලයින්ට දුරකථන ඇමතුම් ලබා දී තර්ජනය කර බැංකු ගිණුම්වලට මුදල් බැර කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සැකකරු හෙට්ටිපොල ප්රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද නාරම්මල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
No comments:
Post a Comment